දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (01) දිනයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මහනුවර, නුරඑළිය දිස්ත්‍රික්කවල තද වැසි ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් ඔවුන් සඳහන් කර තිබෙනවා.
එම ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
