ශ්‍රී ලංකාව පුරා ලාදුරු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
රෝගීන් වැඩිම සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි ඔවුන් පවසන්නේ.
මොරටුවෙන් පමණක් රෝගීන් 127 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ලාදුරු රෝගයට ගොදුරු වී ඇති අයගෙන් වැඩි පිරිස වයස අවුරුදු 20ත් , 45ත් අතර තරුණයින් බව ද වෛද්‍යවරුන් සඳහන් කරනවා.
ඉන් 60%ක්ම පිරිමි පුද්ගලයින් බව ද ඔවුන් පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/x5utNCa2m4A”]