ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව උනන්දුවක් දක්වන මාධ්‍ය ආයතන සහ සංවිධානවල නිර්දේශ ,අදහස් සහ යෝජනා පිළිබදව ජුනි මස 14, 15 ,16 තෙදින තුළ සාකච්ඡා කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාසරාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ සඳහා සහභාගී වන පුද්ගලයන් ජුනි මස 12 වන දිනට පෙර [email protected] විද්‍යුත් ලිපිනයට හෝ. 0112470822 ෆැක්ස්අංකයට තමන්ගේ සහභාගීත්වය දැනුම් දෙන ලෙස එම අමාත්‍යංශය ඉල්ලීමක් කෙරේ.
දැනට ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 කරණ ත්‍රස්තවාදය වැළැත්වීමේ ( තාවකාලික විධි විධාන) පනතේ හිදැස් හදුනා ගනිමින් නව නීතියක්කෙටුම්පත් කිරීමට ලද කැබිනට් අනුමැතිය මත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පත් කළ විද්වත්කමිටුවක් මගින් ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කර ඇත.
එම පනත් කෙටුම්පත 2023 මාර්තු 17 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබේ.එසේම documents.gov.lk වෙබ් අඩවියේ ප්රකාශනයන් යටතේ අදාළ පනත් කෙටුම්පත භාෂා ත්‍රිත්වයෙන් භාගත කර ගත හැක.