විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඕස්ට්‍රේලියා රජයේ නියෝජිතයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.
ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කතානායක මිල්ටන් ඩික් මහතා සමග අමාත්‍යවරයා සුහද සාකච්ඡාවක නිරත වුණා.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පාර්ලිමේන්තු සම්බන්ධතා ශක්තිමත් කිරීම හා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්වීපාර්ශ්වික සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිළිබදවයි එහිදී අවදානය යොමුවුණේ.
ඕස්ට්‍රේලියාවේ ඉන්දීය සාගර කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත ටිම් වොට්ස් මහතා සමග ද විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළා.
දෙරටේ ආරක්ෂාව සහ නිල් ආර්ථික සහයෝගීතාව තුළින් කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.
සමුද්‍රීය හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි එහි අරමුණ වී තිබෙන්නේ.
ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍ය / සෙනෙට් සභික පෙනි වොන්ග් මහත්මිය අමාත්‍ය විජිත හේරත් මහතා වෙනුවෙන් නිල දිවා භෝජන සංග්‍රහයක් සංවිධාන කර තිබෙනවා.
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම / ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව මෙන්ම වෙළඳ හා ආර්ථික හවුල්කාරීත්වය පුළුල් කිරීම පිළිබඳවයි එහිදී සාකච්ඡා වී තිබෙන්නේ.
