රාජ්‍ය දැව සංස්ථාවේ පැවති තනතුරු පුරප්පාඩු කිහිපයක් සඳහා නව නිලධාරීන් 15ක් වෙත පත්වීම් ප්රදානය බත්තරමුල්ල සප්ත පරිසර මණ්ඩප පරිශ්‍රයේදී පැවත්වී තිබෙනවා.
රාජ්‍ය දැව සංස්ථාවේ දීර්ඝ කාලයක පුරා පැවති තනතුරු පුරප්පාඩු කිහිපයක් සඳහා නව පත්වීම් ප්‍රදානයට අද දින (17) පස්වරුවේ පැවත් වුණා.
සහකාර සාමාන්යාධීකාරිවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය කළමනාකාරවරුන් හය දෙනෙක් සහ නියෝජ්‍ය ප්‍රාදේශීය කළමනාකාරවරුන් හත් දෙනෙකු මෙලෙස පත්වීම් ලබා ගත් අතර පුරප්පාඩුව පැවති මෙම තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීම තුළින් ආයතනයේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම අපේක්ෂාවයි.
පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන රාජ්‍ය දැව සංස්ථාවේ දීර්ඝ කාලයක සිට පැවති සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා නව රජය විසින් කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කරන ලද අතර මෙම අවස්ථාවට රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති නිශාන්ත පටබැඳි මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.
