කළුතර දකුණ පොලිස් වසමේ ගාලු පාරේ ප්රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී නිරුවත් කාන්තා මළසිරුරක් හමුවී තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16ක දැරිවියක් බවයි.
මිය ගිය දැරිය තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සමග හෝටලයකට ගොස් ඇති අතර ඔවුන් කාමර දෙකක් කුලියට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කළා.
අනෙක් පුරුෂයාද හෝටලයෙන් පිටව ගොස් ඇති අතර අනතුරුව මෙම මළ සිරුර හමු වූ බවයි පොලිසිය නිවේදනය කළේ.
මේ වන විට හෝටලයට ගිය කාන්තාව සහ ඇය සමග සිටි පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර , මිය ගිය දැරිය සමග හෝටල් කාමරයට ගිය පුරුෂයා සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
