fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙසක් බලන්න පිරිසක් රැගෙන ගිය ලොරියක් පෙරළී දහ දෙනෙකු රෝහලේ

hasiniek
By hasiniek මැයි 7, 2023 07:38

වෙසක් බලන්න පිරිසක් රැගෙන ගිය ලොරියක් පෙරළී දහ දෙනෙකු රෝහලේ

අද (7) අළුයම පානදුර වලාන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ප්‍රදේශයට ගොස් නැවත එමින් සිටි පිරිසක් ගමන් ගත් කුඩා ප්‍රමාණය ලොරි රථයක් මාර්ගය හරහා පෙරලී දහදෙනකු 10 දෙනකු රෝහල් ගතකර ඇති බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කරනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් එම අනතුර සිදු වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම වන්දනාකරුවන් රැගත් ලොරි රථය කොළඹ දෙස සිට නැවත කළුතර දෙසට ගමන් කරමින් සිටියදී රියදුරුට නින්ද යාම නිසා වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය මැද තිබූ විදුලි කණුවක් සහ තවත් මාර්ග ආවරණ රැසකට හානි කරමින් පෙරලී ගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් කුඩා ළමුන්ට තිදෙනෙක් ඇතුළු දස දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 7, 2023 07:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්