මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සහ එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණි අතර ඊයේ දිනයේ ඔවුන් සමග හමුවක් අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.
මෙහිදී ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා
එහිදී මැයි මස මැද වන විට ගිවිසුම් ගත වීමේ කටයුතු සිදු කිරීමටත්, ගිවිසුම්ගත වී දින 45ක් තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බව සඳහන්.
