fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහතට

hasiniek
By hasiniek අප්‍රේල් 26, 2023 14:39

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහතට

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟ වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකඟතාව පළවූ බවයි.

බෑග් සහ සපත්තු දැනට ආනයනය තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බැවින් දේශීය නිෂ්පාදකයන්ට විශාල වෙළඳපොළක් නිර්මාණය වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා

එබැවින් හැකි අවම මිලක් යටතේ සිය නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා

hasiniek
By hasiniek අප්‍රේල් 26, 2023 14:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්