බටහිර ඉන්දුනිසියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක 7.3ක්.
අද උදෑසන බටහිර ඉන්දුනිසියාවේ සූමාත්‍රා දූපත් කලාපයේ මෙම භූ කම්පනය හටගත්තේ සුනාමි අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අද අළුයම 3ට පමණ එය සිදුව තිබෙනවා. කිලෝ මීටර 84ක් පොළව අභ්‍යන්තරයේ එහි අපිකේන්ද්‍රය සටහන් වනවා. ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක් ද සිදුව තිබෙනවා.
ඇතැම් පසුකම්පන රිච්ටර් පරිමාණ ඒකක 4ක අගයක් සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දුනිසියාව සැලකෙන්නේ භූ කම්පන බහුල ප්‍ර දේශයක් ලෙසයි.
ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ, එම භූ කම්පන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි.

