කාන්තාවන්ට හමුදා පුහුණුව සඳහා තායිවානය අවසර දෙයි
Related Articles
තායිවානය එරට කාන්තාවන්ට හමුදා පුහුණුව සඳහා අවසර ලබා දී තිබෙනවා.
තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ මෙම වසරේ දෙවන කාර්තුවේ සිට ආරම්භ වන පුහුණුවට කාන්තා සෙබළියන් 220කට අවස්ථාව උදකර දෙන බවයි. චීනය තම රට මත මිලිටරී පීඩනය වැඩිකිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි තායිවාන බලධාරීන් සඳහන් කරන්නේ.
තායිවානයට 170,000ක් වු හමුදා බලමුලුවක් සිටින අතර ඉන් 15%ක් පමණ කාන්තාවන් වනවා.
කෙසේවෙතත් මීට පෙර තායිවානය සඳහන් කළේ සෙබලුන්ට හා සෙබලියන්ට ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැති බැවින් පුහුණුවට පිරිමි පාර්ශ්වය පමණක් යොදාගන්නා බවයි.