fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී අයුරින් වැලි ප්‍රවාහනය කිරීමේ සිද්ධීන් රැසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 15:06

නීති විරෝධී අයුරින් වැලි ප්‍රවාහනය කිරීමේ සිද්ධීන් රැසක්

නීති විරෝධී අයුරින් වැලි ප්‍රවාහනය කිරීමේ සිද්ධීන් රැසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වනවා.

බලපත්‍ර නොමැතිව ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. ඒ කොස්ගම ඇස්වත්ත වැලිතොටුපල අසලදීයී.

වයස අවුරුදු 45 ක් වන මෙම සැකකරු පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මහඔය විශේෂ කාර්ය බලකා  කදවුරේ නිලධාරීන් සිදු කළ තවත් වැටලීමකදී මංගලගම ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව වැලි කැණීම් සිදු කර ට්‍රැක්ටර්  රථයකට පටවමින් සිටියදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 35 ක් වන මෙම සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අරලගන්විල කදවුරේ නිලධෘරීන් අත්අඩංගුවට ගත්තා. ටිපර් රථ දෙකකින් මෙම වැලි ප්‍රවාහනය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්