බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ජාතික සදුන් උයනේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.
සදුන් ගස් දහසක් සහිතව ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම විවේක මධ්‍යස්ථානය ලෙසයි ජාතික සදුන් උයන හැදින්වෙන්නේ. ජනතාවට සිය දරු පවුල් සමග විවේකීව කාලය ගත කිරීමට මෙම උයන විවෘත වන බව නිවාස සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළා. බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ අක්කර නවයක භූමි ප්‍රදේශයක සදුන් උයන ඉදිකෙරෙනවා. සදුන් ගස් දහස සිටුවීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි. නාට්‍ය දර්ශන, ප්‍රසංග සහ පොත්පත් දොරට වැඩීමේ උත්සව පැවැත්වීමටද මෙහි අවකාශය තිබෙනවා.
