එක්තරා පෞද්ගලික බස් රථ සංගමයක් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළද කිසිදු බාධාවකින් තොරව දිවයින පුරා මගී ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බව අප වාර්තාකරුවන් පවසනවා. රථ වාහන වැරදි සදහා වන දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව වර්ජනය දියත් කර තිබෙනවා. රජය දඩ මුදල් වැඩි කළේ මාර්ග අනතුරු අඩු කිරීම වෙනුවෙන්. ගතවූ මාස හය තුළ පමණක් බස් රථ අනතුරු 1272ක් සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් ජනතාව චෝදනා කළේ උසස්පෙළ විභාගය පැවැත්වෙන මේ අවස්ථාවේ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීම පටු අරමුණු ඉටු කරගැනීම සදහාම සිදු කරන්නක් බවයි. කෙසේ වෙතත් තමන්ට කිසිදු අපහසුතාවකින් තොරව ගමනාගමන කටයුතු සදහා බස් රථ තිබෙන බව ද ඔවුන් කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/BH21A4ZKQMU”]
වර්ජනයක් ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික බස් සංගමයක් ගත් උත්සාහය අසාර්ථක බවයි මැතිඇමතිවරුන් පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/-BdUDODncro”]
මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අවශ්‍ය තරම් බස්රථ ධාවනය වූ බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/7J8NccpJLG8″]
පෞද්ගලික බස් රථ සංගමයක් වැඩවර්ජනයක නිරතවන බව පවසමින් තමන්ට ද ඊට එක්වන ලෙස ඉල්ලීම් කළද එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ත්‍රීරෝද රථ සංගම් පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/7sB3E3ovkDM”]
දිනෙන් දිනම සිදුවන රථවාහන අනතුරු සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබෙන අතර ඉන් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ රියදුරන්ගේ නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන්. එය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ගවලට විරුද්ධව මෙවැනි වර්ජන කිරීම ජනතාවගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.
චමීර පෙරේරා-කැඳවුම්කරු-වමේ කේන්ද්‍රය,
[ot-video type=”youtube” url=”https://youtu.be/4k11OQccLnE”]