තමන්ගේ ආරක්ෂාව සදහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් ඇති බැවින් අනවශ්‍ය ආකාරයෙන් අවි මිලදී ගැනීමේ උවමනාවක් නොමැති බව ඉරානය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සාම්ප්‍රදායික අවි සම්බන්ධයෙන් ඉරානයට පනවා ඇති සම්බාධකයේ වලංගු කාල සීමාව අවසන් වීමේ තත්ත්වයක් තුළයි මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ. දේශීය වශයෙන් අවි ආයුධ නිෂ්පාදනය කර ගැනීමට ඉරානය යොමුව ඇති බැවින් සමූහ ඝාතක අවි හෝ අසාම්ප්රදායික අවි මිලදී ගැනීමට ඉරානයේ කිසිදු ඉදිරි වැඩපිළිවෙළක් නොමැති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. කෙසේ වෙතත් ඉරානයට එරෙහිව පවතින සම්බාධක අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන් වෙත යෝජනා කර ඇත්තේ.