ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට අනතුරු ඇඟවිම් කළා. ඒ න්‍යෂ්ටික අත්හදා බැලීමේ වැඩපිළිවෙල නතර කරන ලෙසට දැනුම් දෙමින්.
එෆ් 35 වර්ගයේ ප්‍රහාරක යානා ඕනෑම මොහොතක ක්‍රියාත්මකවීමට සුදානම් බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. පසුගිය දින කිහිපයේදීම ඉරානයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊශායලය විවේචනාත්මක අදහස් පළකළා.
2015 වසරේ ඇතිකරගත් ගිවිසුම උල්ලංඝණය කරමින් අත්හදා බැලීම් සිදුකරන බවයි ඉරානය මීට පෙර සදහන් කළේ. එය කිසිසේත් අනුමත නොකරන බව ඇමරිකාව ප්‍රකාශ කළා.
කෙසේවෙතත් ඉරානයේ තීරණය යලි සලකා බලන ලෙසටයි යුරෝපය ඉල්ලීම් කර තිබෙන්නේ.