දෙවන දිනටත් පැවැත්වෙන ධීවර විරෝධතාව හේතුවෙන් හලාවත නගරයේ එක් මංතීරුවක් වසා දමා තිබෙනවා.
හලාවත නගර මධ්‍යයේදී ධීවරයින් විරෝධතාවක නිරත වන්නේ තමන්ට ධීවර කර්මාන්තයෙත් නිරතවීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්.
මෙම විරෝධතාවට හලාවත කරුකුපනෙයි මුතුපන්තිය අඹකදවිල තොඩුවාව උඩප්පුව ඇතුළු ධීවර ගම්මාන රැසක ධීවරයින් එක්ව සිටිනවා.
ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ධීවර යාත්‍රාවක් තබා ඇති අතර ඒ හේතුවෙන් එක් මංතීරුවක රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.
