fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩයනා, රෝහණ සහ සුජිත් ගේ සිද්ධිය ගැන විමසන කමිටුව ලබන 6ත් රැස්වෙයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 25, 2023 15:09

ඩයනා, රෝහණ සහ සුජිත් ගේ සිද්ධිය ගැන විමසන කමිටුව ලබන 6ත් රැස්වෙයි

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සමග පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු වූ බව කියන සිද්ධිය ගැන විමර්ශනයට පත් කරන ලද කමිටුව අද රැස් වුණා.

මෙම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශන කමිටු සාමාජිකයන් නිරීක්ෂණය කළා.

පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවන මෙවැනි සිදුවීම් ඇති නොවීම සදහා ක්‍රියාමාර්ග ගත යුතු බවට විමර්ශන කමිටුව ඒකමතිව තීරණය කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ රෝහණ බණ්ඩාර /සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගැටුමක් ඇති වූයේ පසුගිය 20 වනදායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කතානායකවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.

එහි සභාපති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව අද දින එම කාර්යාලයේදී රැස් වුණා.

සීසීටීවී දර්ශන නැරඹීමෙන් අනතුරුව කමිටුව තීරණය කළේ මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශ්ව සහ සිද්ධියේ සාක්ෂිකරුවන් මීළග කමිටු රැස්වීමට කැදවීමටයි.

විමර්ශන කමිටුව ලබන 06 වනදා පෙරවරු 10ට යළි රැස්වීමට නියමිතයි.

මෙම කමිටුව සදහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ඇතුළත් කිරීමට ද තීරනය කෙරුණා.

ඔවුන් දෙදෙනා නම් කරන ලෙසට ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම්දීම ද සිදු කළා.

ඔවුන්ගේ ද සහභාගීත්වයෙන් මීළග කමිටු රැස්වීම පැවැත්වීමෙන් පසු විමර්ශන වාර්තාව කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බවයි නියෝජ්‍ය කතානායකවරයා පැවසුවේ.

අමාත්‍ය රමේෂ් පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ /ඉමිතියාස් බාකිර් මාකාර් / ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් විමර්ශන කමිටුවේ පළමු රැස්වීමට එක්ව සිටියා.

 

 

 

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 25, 2023 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්