වව්නියාව ප්රදේශයේදී විදුලි සැර වද්දා අලියෙකු මරා දැමීම සම්බන්ධයෙන් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වව්නියාව ගනේෂපුරම් ප්රදේශයේ වතුයායක වන අලියෙකු විදුලිසැර වැදී මියගොස් සිටියදී සොයා ගැනුණා.
ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සිදුකළ පරීක්ෂනවලදී අනාවරණය වී ඇත්තේ විදුලිසැර වැදීමට සලස්වා අලියා ඝාතනය කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් කළ දැනුවත් කිරීම මත පොලීසියද පරීක්ෂණ ආරම්භ කළා.
ඒ අනුව ඉඩමේ හිමිකාරිය වූ 45 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
මියගිය වන අලියා අඩි 8 ක් පමණ උසින් යුක්ත වන අතර වයස අවුරුදු 25 ක් බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.



