කදුළු ගෑස් ප්‍රහාර මධ්‍යයේ කොළඹට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන් කොටුව බැංකු මාවත අසළ කදවුරු බැදගෙන තිබෙනවා.
රොද බදිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමනක් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කෙරුණා. විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් පාගමනින් කොළඹට පැමිණියා.
ලෝක වෙලෙද මධ්‍යස්ථානය අසලින් ඔවුන් බැංකු මාවතට පිවිසීමට උත්සාහ දැරීමත් සමග පොලිසිය කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් පිරිස විසිරුවා හැරීමට කටයුතු කළා.
බැංකු මාවත අසළ නතර වී කදවුරු බැදගත් ඔවුන් ප්‍රකාශ කළේ අද එම ස්ථානයේ රැය පහන් කරන බවයි.
