fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2023 06:13

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනක්ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් පසුගියදා ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබූ අතර මේ වසරේදී ශ්‍රමිකයින් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා පිටත් කර යවා තිබෙනවා.

මේ වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා පිටත් කර යැවූ ශ්‍රමිකයින් 241 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයින් 33 දෙනෙක්ද කාන්තා ශ්‍රමිකයින් 208 දෙනෙක්ද ඇතුළත් වේ.

මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මාස වලදී ශ්‍රමිකයින් 13 දෙනා බැගින් ඊශ්‍රායලයට පිටත් කර යවා ඇති අතර මාර්තු මාසයේදී ශ්‍රමිකයින් 12 දෙනෙක් පිටත් කර යවා තිබෙනවා.

අප්‍රේල් මාසයේදී සාත්තු සේවක රැකියා සඳහා ශ්‍රමිකයින් 39 දෙනෙක් යවා ඇති අතර මැයි මාසයේදී ශ්‍රමිකයින් 34 දෙනෙක් පිටත් කර යවා තිබෙනවා.

ජුනි මාසයේදී ශ්‍රමිකයින් 40 දෙනෙක්ද, ජූලි මාසයේදී ශ්‍රමිකයින් 51 දෙනෙක්ද ඊශ්‍රායලය බලා පිටත් කර යවා ඇති අතර අගෝස්තු මාසයේදී මුල් සතියේදී පමණක් ශ්‍රමිකයින් 39 දෙනෙක් ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා තිබෙනවා.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සඳහා එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයින් බඳවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටද අමාත්‍යවරයා සහතික වුණා.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2023 06:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්