සාදයක් අතරතුර දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
ඇදිරිනීතිය බලපැවැත්වෙමින් තිබියදී වේයන්ගොඩ, නාරංවත්ත ප්රදේශයේ පැවති මත්පැන් සාදයක් අතරතුර පුද්ගලයින් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
අලුයම එකට පමණ මෙම පහරදීම සිදුව තිබෙනවා. පහරදීම සිදුවන අවස්ථාවේදීම වේයන්ගොඩ පොලීසියට ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව වහා ක්රියාත්මක වූ පොලීසිය පහරදීම සිදුකළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගත්තා. ඔවුන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පහරකෑමට ලක්ව ඇත්තේ මත්පැන් සාදයට සහභාගි නොවූ මෙම ප්රදේශයේම පදිංචි පියපුතු දෙදෙනෙක්. බරපතල තුවාල ලැබූ පියා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.