මැර කණ්ඩායම් හෝ ප්රචණ්ඩ කණ්ඩායම් විසින් සිදු කරන රථ වාහන සෝදිසි කිරීම්, රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම් සහ පහරදීම් වැනි සිද්ධීන් වැළැක්වීමට අවශ්‍ය බලය යොදන ලෙසත් අවශ්‍ය විටෙක වෙඩි බලය පාවිච්චි කිරීමටත් ත්‍රිවිධ හමුදාවට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා.





