දැනට ලැබී ඇති වාර්තා අනුව ඉදිරි මාස දෙක තුළදී මත් ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 06වනදා අවධාරණය කළා.
ඒ අනුව ජනාධිපතිවරයා ගන්නා තීරණය මත අවශ්‍ය වේලාවේදී එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතින බව ITN ප්රවෘත්ති අංශය කළ විමසීමකදී බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ප්රකාශකළා.
මේ අතර අලුගෝසු තනතුර සඳහා අයදුම් කිරීමට තවත් අවස්ථාව තිබෙනවා. අයදුම්පත් කැදවීම පෙබරවාරි 25වනදායින් අවසන් වීමට නියමිතයි.
අලුගෝසු තනතුර සඳහා සුදුසුකම් ලෙස මනා සිහිබුද්ධිය, මනා සෞඛ්‍යයෙන් යුතු වීම, වයස අවුරුදු 18 ත් 45 ත් අතර වීම සහ උස අඩි 6 සහ අඟල් 2 විය යුතු බව බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කරනවා.