නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය මහතා ඉන්පසුව පැවැත්වූ රහස් ඡන්දයෙන් යළි එම ධුරයට පත්වී යළිත් ඉවත්වීමේ සිද්ධිය පිළිබදව අදත් විවිධ අදහස් පළවුණා. මේ අතර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන තම ට්විටර් ගිණුමේ මේ පිළිබදව සටහනක් ද තබා තිබුණා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ මෙම සිද්ධිය විහිළු සහගත එකක් බවත් කාලය හා මුදල් නිකරුනේ නාස්ති කිරීමක් බවත්ය. “පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනාට ඉල්ලා අස්වී ගෙදර සිටිය හැකිද?” මහේල ජයවර්ධන තම සටහනේ දක්වා තිබෙනවා.

