ඇමෙරිකා තානාපති ජුලී චන්ක් මහත්මිය ද සිය ට්විටර් ගිණුමේ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා.
සාමකාමී පුරවැසියන්ගේ හඬ නිහඬ කිරීමට ඉඩ දිය නොහැකි බවත් රට ආපසු සෞභාග්‍යයේ මාවතට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බව ද කොළඹ අමෙරිකානු තානාපතිවරිය සඳහන් කළා.
තානාපතිවරිය වැඩිදුරටත් පවසන්නේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට උදව් නොවන බවයි.
