fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2018 17:19

ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක්

නැගෙනහිර පළාතෙත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස28වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින(02)දහවල් 12.09තල්ගස්වැව, පලුගොල්ල, අඹන්පොල, බුල්නෑව, ඉනාමළුව, කදුරුවෙල සහ කල්කුඩා යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදීවැසිහෝගිගුරුම්සහිතවැසිඇති විය හැකිඅතරදිවයින වටා වන සෙසුමුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

 

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                       දිනය :   2018-09-02
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 33 25 90 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 33 25 90 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 30 26 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ගාල්ල 29 25 90 80 ප්‍රධාන වශයෙන් වැසි රහිත
යාපනය 32 25 95 65 වැසි ස්වල්පයක්
මහනුවර 28 22 90 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
නුවරඑළිය 19 13 95 75 ප්‍රධාන වශයෙන් වැසි රහිත
රත්නපුරය 32 24 90 65 වැසි ස්වල්පයක්
ත්‍රිකුණාමලය 34 24 95 55 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 31 26 90 75 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2018 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්