මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගංජා සමඟ අත්අඩංගුවට
Related Articles
මොණරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මතාගේ නිළ නිවසේ සිවිලිමේ සඟවා තිබි ගංජා කිලෝ ග්‍රෑම් 15ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදියි මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොළව අභ්‍යන්තරයේ ඇති ද්‍රව්‍ය නිරීක්ෂණය කිරීමට හැකි උපකරණයක් ද නිවසේ තිබි සොයා ගෙන තිබෙනවා. මෙම මෙහෙයුමේදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඔහුගේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනෙ තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාට ලැබුණු බුද්ධි තෙරතුරකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණේ.