මුතුර් ප්රදේශයේ පාලු ඉඩමක තිබී බෝම්බයක් පුපුරා යාමෙන් 15 හැවිරිදි දරුවෙකු මිය ගියා.
මුතූර් පොලිස් වසමේ තෝපුර් අල්ලෙනගර් ප්රදේශයේ නිවසක ඇති කරන එළුවන් සඳහා ආහාර සොයා ගැනීම සඳහායි මෙම දරුවා පාලු ඉඩමට ගොස් තිබෙන්නේ. එහිදී ගස්වල අතු කපමින් සිටියදී බෝම්බයක් පුපුරා යාමෙන් දරුවා බරපතල තුවාල ලැබුවා. තෝපුර් රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදීයි දරුවා මිය ගියේ. සිද්ධිය සම්බන්ධයෙන් තෝපුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
