ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට එක්වන බව නිවේදනය කර තිබුණා.
ග්ලාස්ගෝ හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ඇමෙරිකා ජනාධිපතිවරයා කිසිඳු යෝජනාවක් නොමැතිව සහභාගිවීමට නියමිත බව ඩිමොක්රටික් පාක්ෂිකයින් පවසනවා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවත්වෙන මෙම සමුළුවට සහභාගිවීම සඳහා ඇමෙරිකා ජනාධිපතිවරයා අද එරටින් පිටත්ව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ඇමෙරිකා ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු විසඳීම සඳහා ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 1.5 ක මුදලක් වෙන්කර තිබෙනවා. එම මුදල් පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටලු හේතුවෙන් ඇණහිට ඇති බවද සඳහන්.
