fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිලී රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 16:40

චිලී රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

චිලී රාජ්‍යයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම සැහැල්ලු ගුවන් යානය චිලී රාජ්‍යයේ පුවාර්ට මෝන්ට් නගරයේ නිවසක් මතට පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලාපැලෝමා ගුවන්තොටුපලින් ගුවන් ගත වූ මෙම යානය ඉන් මද වේලාවකට පසුව අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් මිය ගිය හයදෙනා අතර ගුවන් නියමුවා ද වනවා. අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැති අතර  මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්