fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2020 09:11

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ගත වූ පැය 24 තුළ ඇමෙරිකාවේ පුද්ගලයන් 1518 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එරට කොරෝනා මරණ සංඛ්‍යාව හතළිස් දහස් පන්සියය ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට විසිහතර ලක්‍ෂය ඉක්මවා තිබෙනවා. එමෙන්ම මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ හැට හතර දහස ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඇමෙරිකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ එරට මිලියන 4.18කට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවයි. පරීක්‍ෂණ පුළුල් කිරිම හේතුවෙන් ආසාදිතයන් වැඩි වශයෙන් තහවුරු කර ගැනීමට හැකිවී ඇති බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 20, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්