ඊයේ දිනයේදී මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙදහස් පන්සිය හැටඑකක්.
ඒ අනුව පසුගිය 29 වනදා සිට ඊයේ දක්වා අඛණ්ඩව දෙදහස ඉක්ම වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වී තිබෙනවා.
ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් දෙදහස් පන්සිය හැටඑක් දෙනා අතුරින් දහඅට දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.
ඊයේ වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගැනීම විශේෂත්වයක්. එම සංඛ්‍යාව 393ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 388 දෙනෙකු හදුනා ගත්තා. කළුතරින් 382 දෙනෙකු ද ඊයේ හදුනාගත් පිරිසට අයත්.
ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ දහඅටදහස් හත්සිය හැත්තෑ පහක්. ඒ අතුරින් විසිනවදහස් පන්සිය අසූහය දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ අසූහතර දහස් පන්සිය විසිහතරක්.
මෙරට සිදු වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව අසූ දෙකක් ලෙස ඊයේ දිනයේදී සෞඛ්‍ය අංශ වාර්තා කළා. ඒ සමගින් කොරෝනා මරණ සංඛ්‍යාව හාරදහස් හත්සිය විසිහත දක්වා ඉහළ ගියේ නව කොරෝනා ව්‍යාප්තියේ අවදානම තවදුරටත් පිළිඹිඹු කරමින්. මෙසේ මියගිය පිරිසට පිරිමි පුද්ගලයින් හතළිස් එක් දෙනෙකු හා කාන්තාවක් හතළිස් එක් දෙනෙකු ඇතුළත්. තුන්වන කොරෝනා රැල්ලේ ආසාදිතයින් වාර්තාවීම තවදුරටත් වැඩිවෙමින් පවතිනවා. මේ හේතුවෙන් රෝහල්වල ධාරිතාවද ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් බරපතල නොවන කොරෝනා රෝගීන් නිවෙස් තුළම රදවා ප්‍රතිකාර කිරීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.
පිළියන්දල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක විසිදෙනෙකු හා කාර්යමණ්ඩලයේ හය දෙනෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයේම රදවා ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සදහන් කළා. එම කටයුතු සිදුකෙරෙන ආකාරය කොළඹ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයතිලක මහතාගේ නිරීක්ෂණයටද ලක් වුණා.