වී අලෙවි මණ්ඩලය හෝ මෝල් හිමියන් හැර වෙනත් ජාවාරම්කරුවන් ගොවීන්ගෙන් වී මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමේ අරමුණින් වී ගබඩා කර තබා ගතහොත් එවැනි වී තොග රාජ සන්තක කිරීමට අවශ්‍ය නීතිය සම්මත කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වී මිල, සහල් මිල සහ ජීවන වියදම පාලනය සඳහා රජයේ ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම පිණිස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (04) සංවිධාන කර තිබූ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිණි.
මෙම පියවර ගනු ලබන්නේ පාරිභෝගික ආරක්ෂණය, පාරිභෝගිකයන්ගේ යහපත සහ නිෂ්පාදන ක්රියාවලියෙහි නිරත ගොවීන්ගේ යහපතඋදෙසා බව අමාත්‍යවරයා කීවේය. රජය නියම කර ඇති උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවිකරන්නන් හට පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ නියම කෙරෙන රුපියල් 2500 දඩ මුදල රුපියල් 100,000 දක්වා වැඩි කරන බවද ඔහු කියා සිටියේය.
ජාවාරම්කරුවන් හිතා මතා සහල් හිඟයක් ඇති කිරීමට කටයුතු කළහොත් ඊට විකල්පයක් ලෙස සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර එවැනි අවස්ථාවකදී පාරිභෝගිකයන්ට පාලන මිලට සහල් ලබාදීම සඳහා ගබඩා කර තබන බවද අමාත්‍ය ගුණවර්ධන ප්‍රකාශ කළේය.
පාරිභෝගිකයින් සහ ගොවීන් ආරක්ෂා කිරීම සඳහා වී මිලදී ගැනීම පිණිස අවම මිලක් ද සහල් අළෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් ද රජය නියම කර ඇති බව සංවාදයට එක්වූ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්තරාජ්ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසීය. ඒ අනුව තෙත වී කිලෝවක් අවම වශයෙන් රුපියල් 42ටත්, වියළි වී කිලෝවක් (නාඩු සහ කැකුළු) රුපියල් 50කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 52කටත් මිලදී ගැනීමට ද රජය සූදානම් බව හේරත් මහතා කීය.
පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වගකීම ඉටුකිරීම පිණිස 203 අංක 9 දරණ පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග සියල්ලක්ම ගෙන ඇති බවත් ලබන අයවැයට පෙර සංශෝධන පනත නීතිගත කර පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය බලතල ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යලසන්ත අලගියවන්නමහතා කියා සිටියේය.
ආනයනකරුවන්ට, වෙළෙන්දන්ට, දේශීය නිෂ්පාදකයින් ට දඩ පනවමින් පමණක් පාරිභෝගිකයා ආරක්ෂා කළ හැකි යැයි රජය නොසිතන බව පෙන්වාදෙන අමාත්‍යවරයා අයුතු හා අසාධාරණ ලෙස ලාභ ඉපැයීමට උත්සාහ කරන සුළු පිරිස සඳහා නීතිය ක්‍රියාත්මක කරන බව කීවේය.
2020.11.04 වනදා නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94 ක් ද නාඩු කිලෝවක් සඳහා රුපියල් 92 ක් ද රතු සහ සුදු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 89 ක් දවශයෙන් පාලන මිලක් නියම කරන ලදී. මෙම මුදලට සහල් අලෙවි කරනුදක්නට නැති නිසා පාරිභෝගික ආරක්ෂණ පනතේ දඩ මුදල් වගන්තිය කඩිනමින් සංශෝධනය කර දඩ නියම කිරීමේ කාර්යය නීතිමය ශක්තිමත් කිරීම සඳහා සංශෝධිත පනතේ ගැසට් පත්‍රය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයාට භාරදී තිබේ.
පවතින නීතිය අනුව තනි ව්‍යාපාරිකයෙක් පළමු වතාවට වැඩි මිලට භාණ්ඩ අලෙවි කර හසුවුවහොත් රුපියල් 1000 සිට 10,000 දක්වා දඩයක්ද දෙවන අවස්ථාවේදී රුපියල් 2,000 සිට රුපියල් 20,000 දක්වා දඩයක් ද නියම කෙරේ. පනත සංශෝධනයෙන් පසු සැප්තැම්බර් 10 වනදා සිට එමමුදල පළමු අවස්ථාවේ 100,000 සිට 500,000 දක්වාත් දෙවන අවස්ථාවේ 200,000 සිට 1,000,000 දක්වාත් වැඩි කර තිබේ. ඒ අනුවමේ එක් දඩයක් හෝ මාස 06ක සිර දඩුවමක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේය.
යම්කිසි සමාගමක් විසින් මෙම වරද පළමු අවස්ථාවේදී සිදුකළහොත් රුපියල් 10,000 සිට 100,000 දක්වා වූ දඩ මුදල රුපියල් ලක්ෂ 05 සිටලක්ෂ 50 දක්වාද දෙවන අවස්ථාවේදී රුපියල් 20,000 සිට ලක්ෂ 02 දක්වා තිබූ දඩය රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 100 දක්වා වැඩිකර ඇත.