රත්නපුර බදුල්ල ප්රධාන මාර්ගයේ පැල්මඩුල්ල රිල්හේන ප්රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ අවුරුදු විසි දෙකක් වයසැති තරුණයෙක්. බස්රථය බලංගොඩ සිට අනුරාධපුරය දක්වා වන්දනා චාරිකාවක යමින් සිටි අතර යතුරුපැදිය පනාවැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ අවස්ථාවේයි අනතුර සිදුවුණේ. බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර පැල්මඩුල්ල පොලිසිය පරික්ෂණ පවත්වනවා.
