පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පුද්ගලයයෙකුට පහරදීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මතයි.
පසුගිය ජුනි මස 17 වැනිදා ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත එම පිරවුම්හල අසලදී පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන CCTV වීඩියෝව සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් හුවමාරු වුණා.