ඉන්දියාවේ කොරෝනා තත්ත්වය වඩාත් දරුණු වී ඇති බව රජය ප්‍රකාශ කරනවා.
කොරෝනා වැළැක්වීමේ මධ්‍යස්ථානය මේ බව ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය සති කිහිපයක කාලය තුළ වයිරසය පැතිරීම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව සදහන්. වයිරසය විකෘතිතාවයට පත් වී පැතිර යාම හේතුවෙන් තත්ත්වය වඩාත් දරුණු වී ඇති බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. පන්ජාබ් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් නිසි පරිදි නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීම හෝ පරික්ෂණ ඉහළ නැංවීමක් සිදු කර නොමැති බව සදහන්. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ 03 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පසුගිය සදුදා දිනයේ ඉන්දියාවෙන් වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 68000 ක් වන අතර පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 53,158 ක් සහ මරණ 355 ක් වාර්තා වුණා.