ජලාශයන් පිටාර ගැලීමේ අවධානම හේතුවෙන් විශාල පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස කෙන්යා රජය දැනුම් දී තිබෙනවා.
ජලාශයන් 178ක් පිටාර ගැලීමේ අවධානමක් මතුව ඇති බවයි කෙන්යා රජය පෙන්වා දෙන්නේ.
එම ජලාශයන් අවට වාසය කරන සියලුම ජනයාට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා.
ඕනෑම මොහොතක එම ජලාශයන් පිටාර ගලා යා හැකි බවයි බලධාරීන් අනතුරු අගවන්නේ.
මාර්තු මාසයේ සිට කෙන්යාවට ඇද හැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 188 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 90 දෙනෙකු අතුරුදන් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අයහපත් කාලගුණයෙන් ටැන්සානියාවේ පුද්ගලයින් 155 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.