බදුල්ල දිස්ත්රික්කයේ දියතලාව ප්රදේශයේ කැරට් වගාවේ අස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා. මෙවර ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතින බවයි ගොවි ජනතාව පවසන්නේ.
දියතලාව හෙල කදුරුගම ප්රදේශයේ කැරට් වගාවේ සාර්ථක අස්වනු ලැබීමත් සමග ආර්ථික වශයෙන් ද යහපත් කාලයක් උදා වී ඇති බව ගොවි ජනතාව පවසනවා. පොහොර සහනාධාරය මේ වන තෙක් ලැබී නැති අතර පොහොර නිසි අවස්ථාවේදී ලැබුනහොත් මීට වඩා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් ගැටලු මතු වුවද කැරට් වෙළදපොලට නිකුත් කිරීමේදී ඉහළ මිලක් ලැබීම යහපත් ප්රවණතාවක් බවද ගොවි ජනතාව පවසනවා.
