ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ කාර්යයේදී කුමන බාධක පැමිණිය ද එය පසෙකලා එම කාර්යය ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළා. ඒ මහනුවර දළදා මාලිගා මහමළුවේ පැවති ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික පුන්යෝත්සවයට එක්වෙමින්.
ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන්නැයි යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කෙරෙන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍යෝත්සවය ශ්‍රී දළදා මාලිගයේ මහ මලුවේදී පැවැත්වුණා. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මැති ඇමතිවරුන් රැසක් ද ඊට එක්ව සිටියා. මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපන පේමසිරි යන ස්වාමින්වහන්සේ මෙහිදී අනුශාසනා පැවැත්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ErhZEzcdFYs”]
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හනා සිගර් මහත්මිය මෙම පුන්යෝත්සවය අමතමින් කියාසිටියේ ත්‍රිපිටකය ලෝක උරුමයක් කර ගැනීමට ශ්‍රී ලංකා ජනතාවගේ කැපවීම අගය කරන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/htFFe6edno8″]
(මේ ඓතිහාසික මෙන්ම සුවිශේෂී අවස්ථාවට සහභාගි වීමට අවස්ථාව ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා. ශ්‍රී ලංකාව යුනෙස්කෝව සමග සම්බන්ධ වූ දා සිට පවතින සබඳතා ශක්තිමත්ව ගොඩනගාගෙනයි තිබෙන්නේ. ශ්‍රී ලංකා ජනතාවට මාගේ සුබ පැතුම් එක් කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.)
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව ඇතුළත් සංදේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියට භාර දීම සිදුකළා.
උත්සවය ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
[ot-video type=”youtube” url=”https://youtu.be/pvPx9I1jK7c”]
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සදහන් කළේ පසුගිය වසර 4ක කාලය තුළ විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා දී නැති බවයි.
https://www.facebook.com/itnnews.lk/videos/1109292575861155/
උත්සව සභාව ඇමතූ අමාත්‍යවරුන්
[ot-video type=”youtube” url=”https://youtu.be/4UZd4CZM_FY”]
මහා සංඝරත්නය ද මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් ද රාජ්‍ය නිලධාරීන් හා සැදැහැවතුන් අති විශාල පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියා.