කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනීමත් සමග ඊට එරෙහිව ක්‍රියා කළ හැකි නව එන්නතක් පිළිබද ඖෂධ සමාගම්වල අවධානය යොමුව තිබෙනවා.
කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිෂ්පාදනය කළ ෆයිසර් හා මොර්ඩනා යන සමාගම් මේ වන විටත් ඒ සදහා මුල් පියවර තබා ඇති බවයි වාර්තා වන්නේ. එම සමාගම් නිපදවා ඇති කොරෝනා මර්දන එන්නතෙන් නව ප්‍රභේදය සදහා ක්‍රියා කළ හැකි ප්‍රතිශක්තිය ඇති බවට විශ්වාස කරන බව ඖෂධ සමාගම් පවසනවා. එය තහවුරු කිරීම සදහා ඉදිරි සතිවලදි තවත් පරික්ෂණ සිදු කිරීමටයි එම සමාගම් බලාපොරොත්තු වන්නේ. වෛරසයේ නව ප්‍රභේදය පැතිර යාමත් සමග බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විදේශයන් හි සංචාරක තහනම ද පනවා තිබෙනවා.
