කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මිය යාමත් සමඟ කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ මෙරටින් කොරෝනා රෝගීන් 487 දෙනෙකු වාර්තා වූ බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 487 දෙනාගෙන් 223 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් අලුත්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.