කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණා.
මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදි (on Arrival) ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම කැබිනට් අනුමැතිය සහිතව ලබා දුන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවීමේදි විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි එම නිවේදනයේ සඳහන්වන්නේ .
ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ බාහිර පාර්ශවයන් වෙතින් අයදුම්පත් කැදවීමේදි ලැබුණු අයදුම්පත් දෙකකින් වඩාත්ම සුදුසුකම් පෙන්නුම් කළ මෙම සමාගම වෙත විදේශිකයන් වෙනුවෙන් රටට පැමිණීමේදි වීසා නිකුත් කිරීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ විසා අයදුම් කිරීමේ කටයුතු පැවරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබූ බවද සඳහන්
අදාළ සමාගම නව තාක්ෂණය භාවිතා කරන මෙම ක්ෂේත්රයේ ප්‍රමුඛයකු බැවින් මෙම කටයුතු ඔවුන් වෙත පවරන ලද බවත්, රටවල් 151 ක වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388 ක සේවා සපයන ආයතනයක් ලෙස මොවුන් ලෝක ප්‍රකට සමාගමක් බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ සඳහන් .