සෞභාග්‍යා කොවිඩි නයින්ටීන් පුනරුද සහන ණය පහසුකම සදහා රුපියල් බිලියන 178 ක මුදලක් මහබැංකුව අනුමත කර තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර වෙනුවෙන් මෙම ණය ලබා දෙන බවයි ශ්‍රී ලංකා මහබැංකුව සදහන් කළේ. ණය අයදුම්පත් හැටඑක්දහස් නවසිය හතක් සදහා මහබැංකුව අනුමැතිය ලබා දී තිබෙනවා. අදියර තුනක් යටතේ අයදුම්පත් ලබා ගත් අතර බලපත්‍රලාභී බැංකු මගින් ණය මුදා හැරීම සිදුවනවා.
ඒ් අනුව ප්‍රතිලාභීන් හතලිස් පන්දහස් පන්සිය අසූදෙදෙනෙකු වෙනුවෙන් මේ වන විටත් රුපියල් මිලියන ඒක්ලක්ෂ තිස්තුන්දහස් එකසිය අනූ දෙකක මුදලක් බෙදා හැර තිබෙනවා. ණය යෝජනා ක්රමයේ පළමු අදියර පසුගිය අප්‍රේල් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වුණා. දෙවන සහ තුන්වන අදියර ජූලි මස පළමුවනදා සිට බලාත්මක වන පරිදී හදුන්වාදෙනු ලැබුවා. සියයට හතරක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ණය සැපයීමටයි මේ යටතේ කටයුතු කෙරෙන්නේ. ණය සදහා මාස හයක සහන කාලයක් ද ඇතුළත්. ස්වයං රැකියා සහ තනිපුද්ගල ව්‍යාපාර සදහා ද ණය යෝජනා ක්‍රම යටතේ ණය හිමිවුණා. පීඩාවට පත් ව්‍යාපාර වෙනුවෙන් රුපියල් බිලියන 150ක සීමාවකට යටත්ව ණය ලබා දීමට මුලින් සැලසුම්කළද ඒම සීමාව තවත් පුළුල් කිරීමටයි ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළේ. ඒ අනුව මේ වන විට රුපියල් බිලියන 178ක මුදලක් ණය වශයෙන් ලබා දීමට අනුමැතිය හිමිවී තිබෙනවා.