ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 21 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මන්ත්‍රී කණ්ඩායම මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ආණ්ඩු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.