ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා සේම ජනතාව ජීවත් කරලීමේ යුද්ධය ජය ගැනීමට රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් ප්‍රායෝගිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා.
ජනතාවට පහසුවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන යල් පැනගිය රාජ්‍ය නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට ද තමා පසුබට නොවන බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
හල්දුම්මුල්ල වෙලන්විට කුමාරතැන්න විද්‍යාලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පැමිණියා. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුලු මොණරාගල දිස්ත්‍රික් සීමාවන්ට මායිම්ව පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක් ලෙස වෙලන්විට සැලකෙනවා. මෙම ගම්මානයේ සිට ආසන්නතම රජයේ කාර්යාල හා රෝහල් වෙත පැමිණීමට පැය දෙක හමාරකට අධික කාලයක් වැය වනවා. ගම්මානයට ගමන් කිරීමට ඇති මාර්ගයේද එකවර ධාවනය කළ හැක්කේ එක් වාහනයක් පමණයි. ප්‍රදේශයට පැමිණි ජනාධිපතිතුමා පිළිගැනීම සදහා විශාල පිරිසක් එක්ව සිටි අතර ජනාධිපතිතුමා එහි සිටම ජනතා ගැටළුවලට සවන් දුන්නා.
වැල්ලවාය බෙරගල වෙලන්විට හා අක්කර සීය ඇතුළු සියළු ගම්මානවලට ගමන් කරන මාර්ග කාපට් යොදා සංවර්ධනය කරන්නැයි ජනාධිපතිතුමා ඒ මොහොතේදීම අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නා. ප්‍රදේශයේ ජනාතාවට විශාල ගැටළුවක්ව පැවති විදුලි සබදතා ලබාදීම ඇණ හිට තිබුණේ ඒ සදහා වැයවන රුපියල් මිලියන ඒකසිය පනහකට අධික පිරිවැයක් දැරීමට නොහැකි වීම හේතුවෙන්. දුරකථනයෙන් විදුලි බල අමාත්‍යවරයා ඇමතූ ජනාධිපතිතුමා අදාළ ප්‍රතිපාදන ලබාදෙන බව ප්‍රකාශ කළ අතර පරිසර හිතකාමී භූගත විදුලි සම්බන්ධතා ලබාදීමට කටයුතු කරන්නැයි මෙහිදී උපදෙස් ලබාදුන්නා. වෙලන්විට ග්‍රාමයට ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරයෙකු පැමිණ ජනතාව අතරටම ගොස් ඔවුන්ගේ ගැටළුවලට විසදුම් ලබාදුන් පළමු අවස්ථාවද මෙයයි.
එහි පැමිණ සිටි ජනතාව පෞද්ගලිකවම මුණ ගැසී ඔවුන්ගේ ගැටළුවලට කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසදුම් ලබාදිමටයි කටයුතු කෙරුණේ. මෙම අවස්ථාවට ප්‍රදේශය නියෝජනය කරන සියළුම රජයේ නිලධාරීන් පැමිණ සිටි අතර ඔවුන් ද සම්බන්ධ කරගනිමින් ගැටළුවලට ස්ථිර විසදුම් ලබා දීමට පියවර ගැණුනා. රසායනික පොහොර භාවිතයෙන් තොරව අක්කර හාරදහසක ගම්මිරිස් හා කුරුදු වගාව මෙම ප්‍ර දේශයේ සාර්ථකව සිදුවනවා. අලි මිනිස් ගැටුම් හේතුවෙන් ජනතාව ඉඩම් අත්හැරීමටයි සූදානමින් සිටියේ. එහෙත් ඔවුන් සමග කතාබහ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ වගා සම්බන්ධ ගැටළුවලට මෙන්ම අලි මිනිස් ගැටුමටද විසදුම් ලබාදෙන බවයි.
ජනතාව අපහසුතාවට පත්නොකර සරල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ජනතා අවශ්‍යතා ඉටුකළ යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේ. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා රාජ්‍ය අමාත්‍ය තේනුක විදාන ගමගේ, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සුදර්ශන දෙනිපිටිය, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.ඒම්.මුසම්මිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ජනතා ගැටළු විසදීම සදහා වායු සමීකරණය කළ කාර්යාලවලට පැමිණෙනවා වෙනුවට ජනතාව ලගටම ගොස් ඒවාට විසදුම් ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කළා.
පසුගිය වසරේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්කර ජනතාව බලාපොරොත්තු වූයේ මෙවැනි වෙනසක්. පාලකයා සහ ජනතාව අතර දුරස්ථභාවය නැතිකොට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මේ අනුව හැකිවනු ඇති. දේශපාලනඥයා සහ රාජ්‍ය සේවකයා ද ජනතාවට වඩාත් සමීප වී කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙම සංචාරයේදී දැඩිව පෙන්වා දුන්නා.