කොරෝනා වෛරස ව්‍යාප්තිය මධ්‍යයේ ආගමික උත්සවයකට සහභාගි වූ පිරිසක් විසුරුවා හැරීමට කදුලුගෑස් හා ජල ප්‍රහාර එල්ලකිරීමට නේපාල පොලීසිය කටයුතුකර තිබෙනවා.
රජයෙන් පනවා ඇති නිරෝධායන නීති ද නොසලකා හරිමින් ආගමික උත්සවයක් සදහා දෙදහසක පමණ පිරිසක් ලලිත්පූර් නගරයට රැස්වූ බවයි වාර්තා වන්නේ. මෙම දිනවල නේපාලයේ පැවැත්වෙන ආගමික උත්සව සදහා නිවසේ සිට සහභාගිවන ලෙස රජය මගින් නිවේදනය කර තිබෙනවා.
ඒ පසුගිය සතියේ දී ආගමික උත්සවයකට සහභාගි වූ 445 දෙනෙකුට වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වීමෙන් පසුවයි.
උත්සවයට සහභාගි වූ පිරිස් හා පොලිසිය අතර ගැටුම් ද හටගෙන ඇති අතර සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
