fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ සමස්ත කොරෝනා ආසිදිතයින් සංඛ්‍යාව ලක්ෂ හැට ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 13:48

රුසියාවේ සමස්ත කොරෝනා ආසිදිතයින් සංඛ්‍යාව ලක්ෂ හැට ඉක්මවයි

ඩෙල්ටා වයිරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමගම රුසියාවේ සමස්ත කොරෝනා ආසිදිතයින් සංඛ්‍යාව ලක්ෂ හැට ඉක්මවා ගියා.

ගත වූ පැය 24 ට එරටින් වයිරස ආසාදිතයින් විසිතුන්දහස් හත්සිය හැත්තෑ දෙනෙකු හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව හත්සිය අසූ හතරක්. ඒ සමගම රුසියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හැටලක්ෂ හයදහස් පන්සිය තිස් හයක් දක්වා ඉහළ ගියා.

සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස්නව දහස් නවසිය විසි දෙකක් බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ රුසියාවේ මොස්කව් නගරයයි.

ඩෙල්ටා වයිරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතරතුර එන්නත්කරණය ද මන්දගාමී බවයි ජනතාව චෝදනා කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 13:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo