ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව අසූපන්දහස් පන්සිය විස්සක්.
චීනය හා ඉතාලිය ඉක්මවා යමින් ඇමෙරිකාවෙන් කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා. වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව එක්දහස් තුන්සියයට ආසන්නයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී ඇති බවයි ඇමෙරිකා මාධ්‍ය සඳහන් කරන්නේ.
තත්ත්වය මේ අයුරින් පැවතුණහොත් මාස 4 ක් තුළ පුද්ගලයන් අසූඑක් දහසක් පමණ මිය යා හැකි බව වොෂිංටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහන් කරනවා.
එමෙන්ම අප්‍රේල් 2 වන සතිය වන විට රෝගීන් වාර්තා වීමේ උපරිමයට ළඟා වනු ඇති බව ද එම විශ්වවිද්‍යාලය පෙන්වා දෙනවා.
ඇමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය යා හැකි සංඛ්‍යාව තිස්අටදහසත් එක් ලක්ෂ හැටදහසත් අතර විය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.