නිරෝධායනයට ලක්නොවූ විදේශිකයින් හත් දෙනෙකුට නවාතැන් දී ඒ පිළිබද තොරතුරු වසන් කළ නිලාවේලි ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමිකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
නිලාවේලි සංචාරක කලාපයේ හෝටල් තුනක මෙම සංචාරකයන් හොර රහසේ රැදී සිටින බවට ලැබුණ තොරතුරක් මත පොලීසිය මෙම පිරිස අත්අඩංගුවට ගත්තා. ඇමෙරිකා හා චීන ජාතිකයින් දෙදෙනා බැගින් මෙන්ම පින්ලන්ත, ස්කොට්ලන්ත හා බ්‍රිතාන්‍ය ජාතිකයින් එක් අයෙකු බැගින් වන මෙම පිරිස හෝටලය තුළදීම නිරෝධායනයට ලක්කෙරුණා.
